Social Icons

Pages

Monday, July 30, 2012

කොම්පිතරේ මායා බන්ධනයක් කරගන්න ඕනිද?

ඔන්න ඉතින් අදනම් අරන් ආවේ සුපිරිම බඩ්ඩක්.............. හැබැයි මේකෙන් වැඩ කරන්න වෙබ්කැම් එකක් ඕනි..... එහෙම කිව්වේ නැත්නම් මේක අන්තිමට කිව්වනම් අපේ මල්ලිලා මට මොනවයින් සලකයිද දන්නේ නැහැ..... ඔන්න ඉතින් නම Luxund Blink Pro... මතකද ඉස්සර අපි ආසාවෙන් බලපු මායා බන්ධන........ ඒකෙ පරිගණකයට යන්නේ මූණ පෙන්නලා නේද..... මේ සිස්ටම් එක කාලයක් මායාවක් ම වෙලා තිබ්බා.... ඒත් ලක්සන්ඩ් එකත් එක්ක මේක හැබෑ උනා... මේකෙන් පුළුවන් මූණ පෙන්නලා අපේ පරිගණකයට ඇතුල් වෙන්න ....... හදිස්සියෙවත් මූණ අදුරගත්තේ නැත්නම් පාස්වර්ඩ් එක ගහල හරි යන්න පුළුවන්..... ඒක හින්දා මේක ආරක්‍ෂිත සොෆ්ට්වෙයාර් එකක්........

මුලින්ම අපි මේක ඉන්ස්ටෝල් කරල..... අපේ ෆේස් සාම්පල් එක මේකට ස්ථාපිත කරන්න ඕනි..... එහෙම කරද්දී ගත්ත ෂොට් එකක් යට ඇති....


ඔන්න ඔහොම අපේ මූණ රෙජිස්ටර් කරලා ඉවර උනාට පස්සේ... ඒ ගොල්ලෝ අපේ අකවුන්ට් ඒකෙ පාස්වර්ඩ් එක ඉල්ලනවා.... ඒක දුන්නට පස්සේ වැඩේ හරි... මේකෙන් අපේ කොන්ඩේ කපල තිබ්බත් වවලා තිබ්බත් අඳුරගන්නවා..... අපි කියමු ෆේස් සාම්පල් එක රෙජිස්ටර් කරනකොට මගේ රැවුල කපලා.... ඒත් රැවුල වවලා ඉදල ලොග් වෙන්න ආවත් මේක අඳුරගන්නවා.... මූනේ තුවාලයක් ඇති උනත් අඳුරගන්නවා.... අපිට මේකේ පොඩි ඔප්ෂන්ස් වෙනස් කරන්න පුළුවන්.... ඒ වින්ඩෝ එකේ ෂොට් එකකුත් දාන්නම්කො....


මේක ඉන්ස්ටෝල් කරපු දවසේ ඉදන් ලොග් උන කස්ටියගේ මූණු ඔය හිස්ට්‍රි කියන තැනෙන් බලාගන්න පුළුවන්...... හයි සිකුරිටි කියන ඔප්ෂන් එක සිලෙක්ට් කලොත් ඔයාව හොඳට පරීක්ෂා කරනවා..... ඒවගේ තව වැඩ ගොඩාක් තියනවා.... ඔයගොල්ලොම බලන්නකෝ........ එහෙමනම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.. මම යනවා..... වැදගත් උනානම් කමෙන්ට් එකක් දාලා ෂෙයාර් පාරක් එහෙම දාන්න... බායි......

සකස් කලේ - ඔසුර

No comments:

 

Sample text

Sample Text

banner

Sample Text