Social Icons

Pages

Monday, July 30, 2012

කොම්පිතරේ මායා බන්ධනයක් කරගන්න ඕනිද?

ඔන්න ඉතින් අදනම් අරන් ආවේ සුපිරිම බඩ්ඩක්.............. හැබැයි මේකෙන් වැඩ කරන්න වෙබ්කැම් එකක් ඕනි..... එහෙම කිව්වේ නැත්නම් මේක අන්තිමට කිව්වනම් අපේ මල්ලිලා මට මොනවයින් සලකයිද දන්නේ නැහැ..... ඔන්න ඉතින් නම Luxund Blink Pro... මතකද ඉස්සර අපි ආසාවෙන් බලපු මායා බන්ධන........ ඒකෙ පරිගණකයට යන්නේ මූණ පෙන්නලා නේද..... මේ සිස්ටම් එක කාලයක් මායාවක් ම වෙලා තිබ්බා.... ඒත් ලක්සන්ඩ් එකත් එක්ක මේක හැබෑ උනා... මේකෙන් පුළුවන් මූණ පෙන්නලා අපේ පරිගණකයට ඇතුල් වෙන්න ....... හදිස්සියෙවත් මූණ අදුරගත්තේ නැත්නම් පාස්වර්ඩ් එක ගහල හරි යන්න පුළුවන්..... ඒක හින්දා මේක ආරක්‍ෂිත සොෆ්ට්වෙයාර් එකක්........

මුලින්ම අපි මේක ඉන්ස්ටෝල් කරල..... අපේ ෆේස් සාම්පල් එක මේකට ස්ථාපිත කරන්න ඕනි..... එහෙම කරද්දී ගත්ත ෂොට් එකක් යට ඇති....


ඔන්න ඔහොම අපේ මූණ රෙජිස්ටර් කරලා ඉවර උනාට පස්සේ... ඒ ගොල්ලෝ අපේ අකවුන්ට් ඒකෙ පාස්වර්ඩ් එක ඉල්ලනවා.... ඒක දුන්නට පස්සේ වැඩේ හරි... මේකෙන් අපේ කොන්ඩේ කපල තිබ්බත් වවලා තිබ්බත් අඳුරගන්නවා..... අපි කියමු ෆේස් සාම්පල් එක රෙජිස්ටර් කරනකොට මගේ රැවුල කපලා.... ඒත් රැවුල වවලා ඉදල ලොග් වෙන්න ආවත් මේක අඳුරගන්නවා.... මූනේ තුවාලයක් ඇති උනත් අඳුරගන්නවා.... අපිට මේකේ පොඩි ඔප්ෂන්ස් වෙනස් කරන්න පුළුවන්.... ඒ වින්ඩෝ එකේ ෂොට් එකකුත් දාන්නම්කො....


මේක ඉන්ස්ටෝල් කරපු දවසේ ඉදන් ලොග් උන කස්ටියගේ මූණු ඔය හිස්ට්‍රි කියන තැනෙන් බලාගන්න පුළුවන්...... හයි සිකුරිටි කියන ඔප්ෂන් එක සිලෙක්ට් කලොත් ඔයාව හොඳට පරීක්ෂා කරනවා..... ඒවගේ තව වැඩ ගොඩාක් තියනවා.... ඔයගොල්ලොම බලන්නකෝ........ එහෙමනම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.. මම යනවා..... වැදගත් උනානම් කමෙන්ට් එකක් දාලා ෂෙයාර් පාරක් එහෙම දාන්න... බායි......

සකස් කලේ - ඔසුර

ගෙදරට හොරෙන් බාන්න...........

මාත්තුරුකාව දැක්ක ගමන් පොඩි ගැම්මක් ආවා නේ................... ඔන්න ඉතින් ගෙදර කොම්පිතරේ ට අවුල් තියන කස්ටියට මේක කරන පුළුවන්............... ගොඩක් අය දන්නවත් ඇති............ දන්නේ නැති අයටයි මේ ඇ... මේක කියවල ඉවර උනාට පස්සේ හිතෙයි මේ මොකොද අපිට හිතුනේ නැත්තේ කියල..... මේක අපිට ඕනි වෙන්නේ පහත සඳහන් අවස්ථා වල....

  1. දවස් ගණන් ටොරන්ට් බානකොට.
  2. යාලුවන්ට  පේන්න වරු ගණන් ඔන්ලයින් ඉන්න ඕනි උන වෙලාවට...
  3. ටර්න්  ඕෆ් කරලා ආපහු ඔන් කරන්න කම්මැලි හිතුන වෙලාවට
 ආදී තවත් බොහෝ වෙලාවට

ඔන්න  දැන් වැඩේ කියල දෙන්නයි යන්නේ............

1.පියවර

හරිම ලේසි පියවරක්................. අද කොම්පිතරේ අත ගෑව කෙනෙකුට උනත් පුළුවන්........... මොනිටරේ දන්නවා නේද.... (ඔය කියවන දේවල් පෙන්නේ....... අන්න ඒක) ඒකෙ පවර් බට්න් එක ඔබල ඕෆ් කරල දාන්න...... දැන් ඉතින් හොයා ගන්නත් බැහැ නේ....... කොම්පිතරේ ඔන් ද කියල.....

2.පියවර

මේක නම් අමාරු වැඩක්.......... පොඩ්ඩක් දන්නා කෙනෙක් ලවා කරගන්න............... ඔයාල හාඩ්වෙයාර් දන්නේ නැත්නම් කරන්න යන්න එපා.......... මොනිටරේ ඕෆ් කලාට සිස්ටම් යුනිට් එකේ ලයිට් එක පත්තු වෙනවනේ......... ඒකට කරන්න තියෙන්නේ පවර් සප්ලයි එකේ ඉදන් මේ ලයිට් එකට යන ඇඩප්ටරේ ගලවල දාන්න.......... එතකොට ආපහු කවදාවත් ඒ ලයිට් එක පත්තු වෙන්නේ නැහැ.........

3.පියවර






මේකත් ලේසිම දෙයක්........ ස්පීකරේ ඕෆ් කරන්න............. හැබැයි එකම අවුලක් තියනවා........ ඔයාලගේ රවුටරේ හරි මොඩම් එකේ හරි ලයිට් පත්තු වෙනවනේ....... ඒවා නම් නැති කරන්න විදිහක් නැහැ........ ඒක ස්පීකරේට හරි මුවා කරලා තමා මම නම් තියන්නේ........... ඔයගොල්ලෝ යූස් කරන්නේ ඩොන්ගල් නම් අවුලක් නැහැ...... ඒත් සමහර ඩොන්ගල් වල ලයිට් පත්තු වෙනවා.......

                                                           

      
ඔන්න දැන් හරි.......... කොම්පිතරේ ලගින් යන කාට උනත් හිතෙන් නැහැ මේක ඔන් කියල......... මමත් මේක ආදී කාලේ ඉදන් යූස් කරනවා......  ඉතින් කමෙන්ටුවක් දාන්න......... මම ගියා.........

සකස් කලේ -ඔසුර
                                                                   

Friday, July 27, 2012

ලෝකයේ හොඳම ත්‍රී ඩී ප්ලේයර් එක...




ඔන්න ඉතින් උස්සන් ආවා වෙනදා වගේම ගින්දර භාණ්ඩයක්.... ගින්දර කිව්වට ගින්දරම නෙමෙයි ලැව්ගිනි..... සුපිරිම සොෆ්ට්වෙයාර් එකක්..... පවර් ඩීවීඩී කිව්වහම හැමෝම දන්නවනේ.... එකේ අලුත්ම සංස්කරණය තමා Power  DVD  12 Ultra  3D  Player  කියන්නේ...... මම මේක පාවිච්චි කරන්න අරන් මාස ගානක් වෙනවා... ඒ සුළු කාලය තුල මීඩියා ප්ලේයර් එක සම්පූර්ණයෙන්ම බාවිතයෙන් ඉවත් කරලා මේකෙන් හැමදේම කළා.. පින්තූරයක් බැලුවෙත් පිකාසා එකෙන් නෙමෙයි මේකෙන්... ඒ තරමට ස්මාර්ට් භාණ්ඩයක්... ඔයගොල්ලෝ පොඩ්ඩක් මේකේ ගාන අහල බලන්න.... රුපියල් දහදාහකට කිට්ටුයි..... යකෝ තව කීයක් හරි දාල ෆෝන් එකක් ගන්නවනේ නේද... අන්න ඒ ගැටළු මග හරවල තමයි නොමිලේම දෙන්නේ.... මතක තියාගන්න..... අපි දෙන්නේ නොමිලේ උනාට කිසිම දෙයක් අඩු නැහැ.... වයිරස් ඇත්තෙත් නැහැ.....මම මේවා වයිරස් චෙක් කරලා අප්ලෝඩ් කරන්නේ.... ඒ හින්දා බය වෙන්න එපා... බලල ඉන්නකෝ එහෙමනම් මගේ කොම්පීතරෙන්ම ගන්න ස්ක්රීන්ශෝට්ස් ටිකක්...







ඔන්න බලාගත්තනේ....... මේකේ වැඩ කෑලි නම් කියල වැඩක් නැහැ.... 3D  ද HD  ද TruThearter ද කියල වැඩක් නැහැ.... මම කියනවට වැඩිය හොදයිනේ සියැසින් බලාගත්තහම.... ඔන්න එහෙමනම් බලාගන්නකෝ

බාගන්න තියෙන්නේ මීඩියාෆයර්  එකෙන්....

අහ්හ් තව දෙයක්... මේකේ අස්සේ තියෙන රීඩ්මී ෆයිල් එකේ උපදෙස් පිළිපදින්න.... ඒ වගේම ක්‍රැක් කරනකන් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්නත් එපා...

සකස් කලේ - ඔසුර


Thursday, July 26, 2012

කන් පිලිබඳ විශේෂඥයෙක් වෙන්න :ඩි


ඔන්න ඉතින් හැමදාමත් වගේ ගෙනාව පොඩි වැඩ කෑල්ලක්.. අපේ මල්ලිලාට අම්මලා කෑගහනවා නේද තොට කන් ඇහෙන්නේ නැද්ද යකෝ......... කියල.. අම්මලට තමන්ගේ කන් ඇහෙනවා කියල ඔප්පු කරන්න පුළුවන් භාණ්ඩයක් මේ...... වැස්සකටවත් ඉස්කෝලෙට ගිහිල්ල තියනවනම් දන්නවා ඇතිනේ මිනිසාගේ ශ්‍රව්‍ය පරාසය හර්ට්ස් 20 ත් 20000 ත් අතර කියල... මේ භාන්දේ තියන එකම අවුල මේකෙන් ටෙස්ට් කරන්න පුළුවන් 20 ත් 16000 ත් අතර පමණයි... ඒවා කමක් නැහැ....... ඔන්න  දැම්ම ස්ක්රීන්ශෝට් එකක්...

මේකට හෙඩ්ෆෝන් එකක් තියනවනම් වඩා හොදයි... ස්පීකර් උනත් කමක් නැහැ....... එහෙමනම් මම ගියා තව ගින්දර බාන්ඩයක් අරන් එන්නම්කෝ...... කමෙන්ටුවකුත් දාල ප්‍රයෝජනවත් නම් ෂෙයාර් පාරකුත් දාලම යං ඇ....... එහෙනම් පහලින් බාගන්නකො....

සකස් කලේ - ඔසුර


Tuesday, July 24, 2012

සද්ද්ද බද්ද දාල වැඩ්ඩෙක් වෙන්න ඕනිද? එහෙමනම් මෙන්න Adobe audition CS5.5

ඔන්න ගෙනාවා තවත් ඇඩෝබි වැඩ්ඩෙක් ව..... ඇඩෝබි ඔඩිෂන්... ඇත්තටම කිව්වොත් මේවා දෙන්නේ ඔයාල වෙනුවෙන්මයි....... කඩෙන් ගන්න ගියොත් $75 වෙනවා... ලංකාවෙන් 10 000 ක් විතර.. යකෝ තව කීයක් හරි දාල ෆෝන් එකක් ගන්නවනේ නේද.... ඒ ගැටළු මගහැරවල තමයි අපි මේ නොමිලේ දෙන්නේ..... මේක ඒ හැටි බරකුත් නැහැ ..... 153MB වගේ තමා තියෙන්නේ... පට ගාල ඩවුන්ලෝඩ් වෙයි.....  ස්ක්රීන්ශෝට් එකක් දාන්නම්කො පල්ලෙහායින්
පේනවා නේද වැඩ කෑලි ටික. පට්ටම භාණ්ඩේ.. මේකෙන් කරන්නේ ඕඩියෝ සංස්කරණය.. තේරෙන බාශාවකින් කිව්වොත් ඕඩියෝ එඩිටින්........ වෘත්තීමය මට්ටමේ සොෆ්ට්වෙයාර් එකක්.... ඔයගොල්ලොත් අරන් බලන්නකෝ.... මේක 32බිට් 64බිට් දෙකටම වැඩ..... දාගෙන ඉන්ස්ටෝල් කරන හැටි ඇතුලේ තියනවා... මුලින් කියවල ඉන්ස්ටෝල් කරගන්න..... ටිකක් අතපත ගානකොට තේරෙයි... එහෙමනම් මෙතනින් බාගන්න.. අදට ගියා... පොඩි කමෙන්ට් එකක් දාල ෆලෝ පාරකුත් දාලම යන්න....

සකස් කලේ - ඔසුර

Monday, July 23, 2012

ඇඩෝබි ප්‍රිමියර් ප්‍රෝ සී එස් 5.5 හිගා කෑම :D

හා හා පුරා කියල දෙන්න යන්නේ වටිනාම සොෆ්ට්වෙයාර් එකක්..... මේක එහෙම ලේසි පාසුවෙන් ගන්න බැහැ.... සර්ච් කලොත් ඕනි තරම් එනවා........ එත් හරි ඒවා ගන්නේ කොහොමද...... පන දාගෙන බාල ඕපන් කරනකොට තමා ඉතින් අප්ලෝඩ් කරපු එකාගේ ගුණ මතක් වෙන්නේ........ ඒත්අද මන් දෙන්නේ මේකේ ඇත්ත ටොරන්ට් එකක්...... හොර නැහැ බොරු නැහැ... බයවෙන්න එපා.... සීඩර්ස් ල හාරසිය ගානක් ඉන්නවා.. ඩවුන්ලෝඩ් කරන්න ඉස්සල්ල පොඩි අදහසක් ගන්නකො මේකේ වැඩ ගැන.....



දැක්කනේ. මේක ප්රෝෆෙෂනල්ස් ලා යූස් කරන සොෆ්ට්වෙයාර් එකක්...... ගොඩක් ෆිල්ම්ස් වලට යූස් කරන්නේ මේකයි ආෆ්ටර් ඉෆෙක්ට් කියන  සොෆ්ට්වෙයාර් එකයි.. ඒකත් ලගදීම දෙනවා..... මේක ටිකක් පුරුදු උනාම ලේසියි... ඔන්න අදට මම සමුගන්නවා...... අහ්හ් තව එකක් මේක වැඩ කරන්නේ 64 බිට්  වලට විතරයි. 32 පාවිච්චි කරන කස්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න. එගොල්ලන්ටත් එකක් දෙන්නම්... එහෙමනම් අදට යනවා.. බායි ඇ.... ආපහු ප්‍රයෝජනවත් දේකින් හමුවෙමු. මෙතන කොටලා බාගන්න.... කැමතිනම් අපේ බ්ලොග් එකට පොඩි ෆලෝ පාරක් දාල එහෙම යන්න...... කමෙන්ට් එකකුත් කොටන්න.......

සකස් කලේ -ඔසුර


ආයුබෝවන්

අලෝව්......... ඔන්න මුලින්ම ආයුබෝවන් වනක්කම් අස්සලාමු අලෙයික්කුම් නමස්තේ කියල පටන් ගන්නම්කො......... ඔන්න අද තමා අපේ බ්ලොග් එක ආරම්භ කරන්නේ...  ආරම්භ කරන වෙලාවේ කියන්නම් අපේ බ්ලොග් එකෙන් ඔයගොල්ලන්ට ඕනි හැමදේම දෙනවා.. සොෆ්ට්වෙයාර්ස්,ගේම්ස්, මූවීස්, වෝල්පේපර්ස්..... ඉතින් අපේ මල්ලිලාට වෙන මොනවාද ඕනේ.......... මේවා දෙනවනම් තව මොනවාද ඕනි නේද? මේ බ්ලොග් එක ලියන්නේ ඔසුර හෙවත් මම....  ඔන්න අද ඉදන් ආරම්භ කරන නෙට්කැෆේ අයිලන්ඩ් එකට ඔයාලගේ සහයෝගය දෙන්න..... යාලුවන්ටත් කියන්න......... ඉක්මනටම පොස්ට් එකක් එක්ක හමුවෙමු
 

Sample text

Sample Text

banner

Sample Text