Social Icons

Pages

Monday, July 30, 2012

ගෙදරට හොරෙන් බාන්න...........

මාත්තුරුකාව දැක්ක ගමන් පොඩි ගැම්මක් ආවා නේ................... ඔන්න ඉතින් ගෙදර කොම්පිතරේ ට අවුල් තියන කස්ටියට මේක කරන පුළුවන්............... ගොඩක් අය දන්නවත් ඇති............ දන්නේ නැති අයටයි මේ ඇ... මේක කියවල ඉවර උනාට පස්සේ හිතෙයි මේ මොකොද අපිට හිතුනේ නැත්තේ කියල..... මේක අපිට ඕනි වෙන්නේ පහත සඳහන් අවස්ථා වල....

  1. දවස් ගණන් ටොරන්ට් බානකොට.
  2. යාලුවන්ට  පේන්න වරු ගණන් ඔන්ලයින් ඉන්න ඕනි උන වෙලාවට...
  3. ටර්න්  ඕෆ් කරලා ආපහු ඔන් කරන්න කම්මැලි හිතුන වෙලාවට
 ආදී තවත් බොහෝ වෙලාවට

ඔන්න  දැන් වැඩේ කියල දෙන්නයි යන්නේ............

1.පියවර

හරිම ලේසි පියවරක්................. අද කොම්පිතරේ අත ගෑව කෙනෙකුට උනත් පුළුවන්........... මොනිටරේ දන්නවා නේද.... (ඔය කියවන දේවල් පෙන්නේ....... අන්න ඒක) ඒකෙ පවර් බට්න් එක ඔබල ඕෆ් කරල දාන්න...... දැන් ඉතින් හොයා ගන්නත් බැහැ නේ....... කොම්පිතරේ ඔන් ද කියල.....

2.පියවර

මේක නම් අමාරු වැඩක්.......... පොඩ්ඩක් දන්නා කෙනෙක් ලවා කරගන්න............... ඔයාල හාඩ්වෙයාර් දන්නේ නැත්නම් කරන්න යන්න එපා.......... මොනිටරේ ඕෆ් කලාට සිස්ටම් යුනිට් එකේ ලයිට් එක පත්තු වෙනවනේ......... ඒකට කරන්න තියෙන්නේ පවර් සප්ලයි එකේ ඉදන් මේ ලයිට් එකට යන ඇඩප්ටරේ ගලවල දාන්න.......... එතකොට ආපහු කවදාවත් ඒ ලයිට් එක පත්තු වෙන්නේ නැහැ.........

3.පියවර






මේකත් ලේසිම දෙයක්........ ස්පීකරේ ඕෆ් කරන්න............. හැබැයි එකම අවුලක් තියනවා........ ඔයාලගේ රවුටරේ හරි මොඩම් එකේ හරි ලයිට් පත්තු වෙනවනේ....... ඒවා නම් නැති කරන්න විදිහක් නැහැ........ ඒක ස්පීකරේට හරි මුවා කරලා තමා මම නම් තියන්නේ........... ඔයගොල්ලෝ යූස් කරන්නේ ඩොන්ගල් නම් අවුලක් නැහැ...... ඒත් සමහර ඩොන්ගල් වල ලයිට් පත්තු වෙනවා.......

                                                           

      
ඔන්න දැන් හරි.......... කොම්පිතරේ ලගින් යන කාට උනත් හිතෙන් නැහැ මේක ඔන් කියල......... මමත් මේක ආදී කාලේ ඉදන් යූස් කරනවා......  ඉතින් කමෙන්ටුවක් දාන්න......... මම ගියා.........

සකස් කලේ -ඔසුර
                                                                   

No comments:

 

Sample text

Sample Text

banner

Sample Text